TamilSriLankaEnglish (UK)

සේවකයන් සඳහා

සේවකයා (කම්කරුවා)

කම්කරුවා යනුවෙන් අදහස් කරනුයේ?

ප්‍රකාශිතව හෝ ව්‍යයගිතව යම් සේවායෝජකයෙකු සමඟ සේවා ගිවිසුමකට ඇතුලත් එම සේවා යෝජකයාගේ ව්‍යාපාර කර්මාන්ත හෝ වෙළදාමේ වැඩ කරන අය වේ. මේ සඳහා ආධුනිකයින් ද ඇතුලත් වේ.

එසේ වුවත් යම් හමුදා නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකු කම්කරුවා යන අර්ථ නිරුපනයට ඇතුළත් නොවේ. එහෙත් එම  ආයතන වල සිවිල් තත්වයේ කටයුතු කරන්නන් කම්කරුවන් ලෙස සැලකේ.

වන්දි අයඳුම් කිරීම සඳහා සපුරා ලිය යුතු අවශ්‍යතා

  1. හදිසි අනතුරක් සිදුවිය යුතුය.
  2. එම අනතුර රැකියවේ යෙදී සිටියදී විය යුතුය.
  3. එසේම එම අනතුර රැකියාවේ යෙදී සිටීම නිසාම උද්ගත වූ අනතුරක් විය යුතුය.

වන්දි ලැබිය හැකි අය

  1. අනතුර නිසා හානියට පත් කම්කරුවා
  2. අනතුර නිසා කම්කරුවා මරණයට පත් වූයේ නම් ඔහුගෙන් යැපෙන්නන්

වන්දි ඉල්ලුම් කිරීම

අනතුරින් හානියටපත් සේවකයා විසින් හෝ අනතුර හේතුකොටගෙන සේවකයා මියගොස් ඇත්නම් ඔහුගේ යැපෙන්නකු විසින් හෝ අනතුර පිළිබදව සේවා යෝජකයාට දැනුම් දිමෙන් පසුව අනතුර සිදුවී වසර 2ක් ඇතුලත  පහත අකෘති මගින් කම්කරු වන්දි කොමසාරිස්වරයා වෙත  ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුයි.

මාරක නොවන අනතුරක් වු විට "ඒ" අකෘතිය සමඟ සුඳුසුකම් ඇති වෛද්‍යවරයකුගෙන් ලබා ගත් වෛද්‍ය සහතිකය ("එස්" ආකෘතිය)

මාරක අනතුරක් වු විට "බී" අකෘතිය සහ මරණ සහතිකය මගින් ඉල්ලීමක් ඉදිරිපත් කල යුතුය.