සේවා යෝජක යන්නට ශ්‍රී ලංකා ජන රජය, සන්ස්ථාපිත හෝ ස්ථාපිත නොකළ සේවා යෝජිතයන්ට සහ ඔවුන්ගේ උරුමකරුවන් ආදිය ඇතුළත් වේ. මේ අනුව අනෙක් කම්කරු නීති මෙන් නොව කම්කරු වන්දි නීතීය රජයේ සේවකයින් සඳහා යොදා ගත හැකිය.
සේවකයකු (කම්කරුවකු) විසින් සිදු කරනු ලබන වන්දි ඉල්ලීමකදී සේවා යෝජකයාටද වගකීමෙන් මිදීම සදහා ඉදිරිපත් කල හැකි කරුනු කීපයක්ද වේ.
සේවායෝජකයකු විසින් ඉහත කරුනු වලින් එකක් ඔප්පු කරනු ලැබුවහොත් වගකිමෙන් මිදීමට හැකිවේ.
මාරක නොවන අනතුරක් සිදුවු විටක එම අනතුරේ වගකිම සේවා යෝජකයා විසින් භාර ගන්නේ නම් අදාල වන්දි මුදල කම්කරුවාට ගෙවා එම සම්මුති පත්‍රය ("G" ආකෘතිය) කම්කරු වන්දි කොමසාරිස් වරයා වෙත යැවිය යුතුය. කම්කරු වන්දි කොමසාරිස් වරයා විසින් එම සම්මුතිපත්‍රය ලියාපදින්චි කරනු ලැබේ. එමගින් නඩු කාර්ය පටිපාටියට යාමෙන් වැලකිය හැකිය.
සේවා යෝජකයා විසින් සුලු අනතුරු (දින තුනකට (3) වඩා අඩු කාලයක් පවතින) හැර අනෙකුත් සියළුම අනතුරු සම්බන්ධයෙන් අනතුර සිදුවී දින 14ක් ඇතුලත කම්කරු වන්දි කොමසරිස් වරයා වෙත වර්තා කළ යුතුය. මේ සදහා "Q" ආකෘතිය-භාවිතා කල යුතුය. කම්කරුවකුගේ මරණයකදී ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස කම්කරු වන්දි කොමසාරිස් වරයාගේ නිවේදනය ලැබී දින 30 ක් ඇතුළත, "O" ආකෘතිය-මගින් කම්කරු වන්දි කොමසාරිස් වරයා වෙත දැනුම් දිය යුතුය.
එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් එවිට සේවා යෝජකයා වරදකරු කිරීමට පසු දඩයක් ගෙවනු ලැබීමට යටත් කරේ.
ශ්‍රී ලංකාවේ නීතිය අනුව සේවකයන් රක්ෂණය කිරීම අනිවාර්ය නොවේ. එසේ රක්ෂණය ලබා ගන්නේ නම් වන්දි ගෙවීම් පහසුවන්නේ හදිසි අනතුරකදී කම්කරු වන්දි ගෙවීම එම රක්ෂණය මගින් කළ හැකි බැවිනි. එම රක්ෂණය ලබා ගැනීමේදී දායක මුදල සම්පුර්ණයෙන් ගෙවිය යුත්තේ සේවා යෝජකයා විසිනි.