මෙම කාර්යාලයේ ප්‍රධාන කර්තව්‍ය වන්නේ සිය රැකියාව අතරතුරදී හදිසි අනතුරුවලට මුහුණපාන සේවකයන්ගේ වන්දි ඉල්ලීම් විමර්ශනය කිරීමයි. මෙහි නම අනුව එය සාමාන්‍ය රජයේ දෙපාර්තමේන්තුවක් ලෙස පෙනී ගියද එහි කර්තව්‍යයන් මුළුමණින්ම අධිකරණමය වේ. කම්කරු වන්දි කොමසාරිස්වරයා, අතිරේක කම්කරු වන්දි කොමසාරිස්වරයා සහ නියෝජ්‍ය කම්කරු වන්දි කොමසාරිස්වරයා පූර්ණකාලීන අධිකරණ නිලධාරින් වේ. කම්කරු වන්දි කොමසාරිස්වරයාගේ කාර්යාලයට සිය නියෝග ක්‍රියාත්මක කිරීමේදී දිසා අධිකරණ බලතල සහ මහේස්ත්‍රාත් අධිකරණ බලතල යන දෙයාකාරයේම බලතල පවරා ඇත.